SELogo
Home

නව ලොව ඉගෙනුම්

Shaping Next-Gen Education

සිසු ආරක්ෂාව

Safeguarding from Cyber Threats

ගුරු පුහුණුව

Empowering Teachers

අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය හා කලාප කාර්යාලයේ අධීක්ෂණය මත දිවයිනේ සියලුම පාසල් ආවරණය කරමින් පවත්වන විශේෂ වැඩමුළු

Smart Winners

වාර විභාග හා ප්‍රධාන විභාග ආවරණය කරමින් පවත්වන විෂය සමගාමී Online දැනුම මිනුම තරඟ
(ජාතික හා ජාත්‍යන්තර පාසල් වල දරුවන් ආවරණය )

Smart Kids

Digital සමාජයේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ හා Cyber අවකාශයේ සාමූහික වගකීම පිළිබද දැනුවත් කිරීම්
(දරුවන් , දෙමව්පියන් හා ගුරුවරුන් උදෙසා)

Teacher Empowerment

ගුරු සංවර්ධනය උදෙසා විදුහල්පතිවරුන් හා අධ්‍යාපන බලධාරීන් සමග සංවිධානය කරන කතිකාවත් හා ගුරු බලගැන්වීමේ වැඩසටහන්

වැඩසටහන් විස්තර

“Smart Winners” – පුංචි හපන්නු (පාසල් දරුවන් සදහා)

වාර විභාග හා ප්‍රධාන විභාග ආවරණය කරමින් Online දැනුම මිනුම තරඟ
 
ඵලදායි දෙමුහුම් අධ්‍යාපනය හරහා පාසලේ දී ඉගෙනගන්නා විෂය කරුණු මනසට පීඩනයකින් තොරව ධාරණය කර ගැනීම සදහා ජාත්‍යන්තරව පිළිගත් අධ්‍යාපනයේ චිත්තවේගී බැදීම (emotional engagement) වර්ධනය කරන ක්‍රමවේද අනුව පවත්වන දැනුම මිනුම තරඟ
  • පාසල් අධ්‍යාපනයෙන් ඉගෙනගත් විෂය කරුණු විනෝදාත්මක තාක්ෂණික යෙදුම් භාවිතයෙන් ධාරණය සදහා මග පෙන්වීම

  • මනසට පීඩනයකින් තොරව දරුවා ගේ සාධන මට්ටම් හා කුසලතා ඉහල නැංවීම

  • දත්ත විශ්ලේෂණය මත පදනම්ව දරුවන් ගේ කුසලතා පිළිබද ව පන්ති, පාසල් හා කලාප මට්ටමෙන් දැනුවත් කිරීම මගින් ප්‍රථම අදියරේ සිටම අවශ්‍ය පිළියම් යෙදීමට හැකි වීමෙන් පන්තියක් , පාසලක් හා කලාපයක් ලෙස අධ්‍යාපන ප්‍රතිඵල ඉහළ නැංවීමට හැකිවීම
දරුවන්ගේ  තාක්ෂණික  නැඹුරුතාව උපයෝගී කර ගනිමින් ඔවුන් ඉතා ආශාවෙන් හා උද්වේගයෙන් පාඩම් වල නියැලීමට යොමු කරවීම හා ප්‍රධාන විභාග අරමුණු කර ගනිමින් විෂය කරුණු වල ධාරණ හැකියාව වැඩි දියුණු කිරීම මෙහි සමස්ත අරමුණ වේ.
    • සියලු වාර විභාග හා ප්‍රධාන විභාග වලට පෙර විභාග සූදානම (Exam Readiness) නිර්ණය කිරීම හා එමගින් දරුවන්ගේ ලකුණු මට්ටම් වැඩිකිරීම සදහා සියලුම ජාතික හා ජාත්‍යන්තර පාසල් ආවරණය කරමින් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන් වලින් පැවැත්වේ.
    • උපරිම කාලය පැය 1 ක් වන Online ව පවත්වන දැනුම මිනුම තරග වන අතර දරුවන්ට කැමති ස්මාර්ට් උපාංගයකින් (Laptop , Desktop , Tab, Smart Phone වැනි ), තම නිවසේ සිටම සම්බන්ධ විය හැක.
    • තරගය අවසානයේ කැපීපෙනෙන දක්ෂතා දක්වන ලද දරුවන්ට වටිනා සහතික පත්‍ර පිරි නැමේ.
    • එමෙන්ම, දරුවන්ගේ සාධන මට්ටම් වල ව්‍යාප්තිය, සමස්තයක් ලෙස අමාරු ප්‍රශ්න හා ඒවා නිවැරදි කරගන්නා අයුරු හා දරුවන් ඉහල ලකුණු මට්ටමකට ගැනීමේ නිර්දේශ ඇතුලත් විශේෂ දත්ත විශ්ලේෂණ වාර්තාවක් පාසල් මට්ටමින් අදාල විදුහල්පතිවරුන්ට, කලාප අධ්‍යක්ෂකවරුන්ට හා අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දෙන්නෙමු.
  • එමගින් දරුවන්ගේ කුසලතා තව දුරටත් වැඩි දියුණු කිරීම හා දත්ත මත පදනම්ව විද්‍යානුකූල තීරණ ගැනීමේ හැකියාව අදාල ගුරුභවතුන්ට හා දෙමව්පියන්ට ලැබේ.

  • 95 % + දරුවන් ඉතා ආදරයෙන් වැලදගත් හා ඔවුන්ගේ සාධන මට්ටම් වැඩි ආයාසයකින් තොරව ඉහල නැංවූ සහතිකය සමග
Digital සමාජයේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමේ වැඩමුළු (දරුවන් , දෙමව්පියන් හා ගුරුවරුන් උදෙසා)
ගුරු සංවර්ධනය උදෙසා විදුහල්පතිවරුන් හා අධ්‍යාපන බලධාරීන් සමග සංවිධානය කරන කතිකාවත්

“Teacher Empowerment Programmes”

ගුරු බලගැන්වීමේ වැඩසටහන්

නවලොව අධ්‍යාපන ක්‍රමවේද භාවිතයෙන් පාසල් අධ්‍යාපනයේ ඵලදායිතාව වැඩිකිරීම හා එමගින් දරුවන්ගේ සාධන මට්ටම් ඉහල නැංවීම, සයිබර් අවකාශයේ දරුවන්ගේ ආරක්ෂාව, වගකීම, ඔවුන් ඒ සදහා වන ඇබ්බැහිවීම් වලින් මුදවා ගැනීම හා විනය රැකීම යන කාලෝචිත අවශ්‍යතා අරමුණු කර ගනිමින් පවත්වන ගුරු බලාත්මක වැඩසටහන්..

100 % ක ක ගුරුවරුන්ගෙන් ලැබූ ඇගයීම් (Evaluation Ratings) වලින් නිර්දේශිතව

ළමා මනසට පීඩනයකින් තොරව අධ්‍යාපනයේ ගුණාත්මක බව හා දරුවන්ගේ ධාරණ හැකියාව වර්ධනය කරන අපගේ අනෙකුත් විශේෂ අධ්‍යාපන වැඩමුළු

අපේ හිතවත් ගුරුවරුන්ගෙන් හා ආදරණීය දරුවන්ගෙන් මෙම වැඩසටහන් පිලිබදව ලැබුණු අදහස්....

අප උගන්වන ශෛලියේ සුළු වෙනස්කම් කිහිපයක් කිරීමෙන් පමණක් වර්තමාන සිසු දරුවන් විෂය කරුණු ග්‍රහණය කරගන්නා රටාවට අනුකූලවන අයුරු කියා දුන් ඉතා වටිනා ප්‍රායෝගික ගුරු පුහුණු වැඩසටහනකි...
ගරු විදුහල්පතිනි - මංජුලා පතිරණ මිය
මද්දුම බණ්ඩාර කනිෂ්ඨ විද්‍යාලය - වැලිවේරිය
මෙම වැඩසටහනේ දී අධ්‍යාපනය ට අදාල ගෝලීය වෙනස්කම් මෙන්ම අප දරුවන් තාක්ෂණික ලෝකයේදී වින්දිතයන් වීමේ අවදානමින් ගලවා ගන්නා අයුරු හා ඔවුන්ගේ විනය රැකීමේ දී අප සැලකිලිමත් වියයුතු කරුණු පිළිබද ලබාදුන් උපදෙස් ඉතා වැදගත්...
ගරු විදුහල්පති -
බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය - ගම්පහ
මගේ පුතා අමතර කිසිම පන්තියකට සහභාගි නොවී පාසල් අධ්‍යාපනය විතරක් ලබපු දරුවෙක්. එයා සම්බන්ධ වුන එකම වැඩසටහන magic game එක. එයා ඉතා ආසාවෙන් ඒකට එකතුවුණා වගේම එයාගෙ දැනුමේ පැහැදිලි දියුණුවක් අපි දැක්කා. අද එයා ඉහළින්ම ශිෂ්‍යත්වය සමත්... සර්ලාට ගොඩක් ස්තුතියි...
John Doe
Designer
නිදිමරාගෙන කොච්චර පාඩම් කලත් ඔලුවට නොගිය විෂය කරුණු මේ වැඩමුළු වලින් ඉතා සූක්ෂම ලෙස මනසේ ධාරණය වීම එක අතකින් පුදුමයට කරුණක්.. මම පාසලෙන් හා ටියුෂන් වලින් ලබා ගත් දැනුම මෙම නැවුම් අත්දැකීමෙන් වර්ධනය කරගැනීමට අමතරව දත්ත විශ්ලේෂණයෙන් අප ඇත්තටම නැවත බලාගතයුතු පාඩම් පිලිබදව දැනුවත් කිරීමෙන් ඉතා ඉහල ප්‍රතිඵල ලබා ගන්නට හැකිවිය...
John Doe
Designer

මෙම වැඩමුළු ඔබ පාසල ආවරණය කරමින් පැවැත්වීමට, අපගේ අනෙකුත් වැඩමුළු සදහා සම්බන්ධ වීමට හෝ කිසියම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් පහත ආකාර වලින් අපව අමතන්න.

 

Call/ WhatsApp  : 076-2962040 (Dr. Manoj Sivaguru) 

WhatsApp           : 074-2790239

email                    : [email protected]

5/5